රාමසාන් උපවාස සමයේදී නොමිලයේ බෙදා හැරීම සඳහා ගෙන්වනු ලබන රටඉඳි සඳහා නොමිලේ බදු සහන ලබා දීම පිණිස ඉදිරිපත් වූ කැබිනට් යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි ව තිබෙනවා.
මෙවර රාමසාන් උපවාස සමය 2026-01-19 දිනෙන් ආරම්භ වී එළැඹෙන වසරේ මාර්තු 31 න් අවසන් වීමට නියමිතව ඇති බවයි සඳහන් වන්නේ.
ඒ අනුව රාමසාන් උත්සව සමය තුළ පරිත්‍යාග සහ ත්‍යාග වශයෙන් මෙරටට ආනයනය කරනු ලබන රටඉඳි සඳහා බදු සහනයක් ලබා දීම පිණිස බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව සඳහා කැබිනට් අනුමැතිය හිමි වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
අදාළ කැබිනට් තීරණය පහතින්.









