ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුත්‍රයා ජනවාරි 09 දක්වා රිමාන්ඩ්

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුත්‍රයා වන ජොහාන් ප්‍රනාන්දු ජනවාරි 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.

ඔහු අද (31) වත්තල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇති බවයි සඳහන් වන්නේ.

ජොන්ස්ටන් ප්‍රනාන්දු වෙළෙඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ සතොස ආයතනයට අයත් ලොරි රථයක් ජොහාන් ප්‍රනාන්දු විසින් අවභාවිතා කර ඇති බවත්, එයින් රජයට මූල්‍ය පාඩුවක් සිදු කළ බවටත් එල්ල වන චෝදනාවකට අදාළව ජොහාන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන තිබුණා.