2026 නව වසර සැමරීම සඳහා හෙට (31) දින කොළඹ නගරය වෙත පිට පළාත්වලින් ජනතාව පැමිණීම හේතුවෙන් හෙට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වනවා.
ඒ අනුව මෙසේ කොළඹට පැමිණෙන රථවාහන පහත සඳහන් රථගාල් කිහිපයක ගාස්තු අය කිරීමකින් තොරව ගාල් කර තැබීමේ පහසුකම් සලසා ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය සඳහන් කරන්නේ.
අදාළ රථගාල්වල රථවාහන 5,900 කට පමණ ගාල් කිරීමේ පහසුකම් සලසා ඇති බවයි පොලිසිය විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.









