ජන­තා­වට දෙනවා කිව්ව ආපදා සහන කල්යද්දි බල­ධා­රීන්ට අම­තක වෙනවා

දිට්වා සුළි කුණා­ටු­වෙන් ජන­තා­වට දෙනවා කී සහන කල් යන්න යන්න බල­ධා­රීන්ට අම­තක වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා පැව­සීය. විප­තට පත් ජන­තා­වට සහන සැල­සීමේ අව­ස්ථා­වට අනු­රා­ධ­පුර ජයන්ති විහා­ර­යේදී එක්වෙ­මින් විපක්ෂ නාය­ක­ව­රයා මේ බව කියා සිටි­යේය.

විපක්ෂ නාය­ක­ව­රයා වැඩි­දු­ර­ටත් මෙසේද පැව­සීය.

දෙනවා කිවුව වන්දි මුද­ල්වල අග බිංදුව එකි­නෙක අඩු වීගෙන යනවා. එහෙම වෙන්න බෑ. එහෙම වෙන්න ඉඩ තියන්නේ නෑ. ජන­තා­වට බල­ධා­රීන් දෙනවා කිවුව සහන ඒ ආකා­ර­යෙන්ම ලබා දෙන්න. අපි පාර්ලි­මේ­න්තු­වෙත් පිට­තත් සටන් කර­නවා. රජ­යට අඩු­පාඩු පෙන්නා දෙනවා වගේම රටට සේවා­වක් කිරීම අපේ වග­කී­මක්. සුපු­රුදු විප­ක්ෂයේ දේශ­පා­ලන විවේ­ච­න­යන්ට සීමා නොවී රට ගොඩ­න­ඟන්න අපි එක් වෙනවා. මේ රජය විප­තට පත් වූ ජන­තා­වට දෙන සහන ලබා දෙන­තුරු අපි අර­ගල කර­නවා. කාල­ගුණ විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව මේ ව්‍යස­න­යට දින පහ­ළො­ව­ක­ටත් පෙර රටට දැනුම් දුන්නා. ඒත් ආපදා කළ­ම­නා­ක­ර­ණය ක්‍රියා­ත්මක වුණේ නෑ.

ආපදා කළ­ම­නා­ක­ර­ණය ක්‍රියා­ත්මක වුණේ නිදි­මතේ වගේ. අපේ රටට වෙන­මම ආපදා කළ­ම­නා­ක­රණ අමා­ත්‍යාං­ශ­යක් ස්ථාපිත කරන්න ඕනෑ. අපේ රටේ පාස­ල්ව­ලට ආපදා ප්‍රදේ­ශ­ව­ලත් අනෙ­කුත් ප්‍රදේ­ශ­ව­ලත් සියලු දරු­වන්ට ආපදා කළ­ම­නා­ක­ර­ණය ගැන දැනුම ලබා දෙන්න ඕනෑ. මේ රටේ ව්‍යස­න­ව­ලට මුහුණ දෙන්න හැකි අනා­ගත පර­පු­රක් හදන්න ඕනෑ.

ඇල­යා­ප­ත්තුව සමූහ

චන්දන වන්නි­නා­යක