බේරුවෙල චීනකොටුව ප්‍රදේශයේදී ගජමුතු 02 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ඊයේ (29) සවස බේරුවෙල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
සැකකරු වයස අවුරුදු 33 ක් වූ උස්වැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
බේරුවෙල පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.








