ඉති­හා­සයේ වැඩිම සංචා­රක වාර්තාව අලුත් වෙයි

වස­රක් ඇතු­ළත ශ්‍රී ලංකා­වට පැමිණි වැඩිම සංචා­ර­ක­යන් ප්‍රමා­ණයේ වාර්තාව වෙනස් කර­මින් ඊයේ (29) පෙර­ව­රුවේ 23,33,796 වැනි සංචා­ර­කයා ලෙස මෙර­ටට පැමිණි දකුණු ඉන්දි­යාවේ කේරළ ප්‍රාන්තයේ පදිංචි විශ්ව­වි­ද්‍යාල ආචා­ර්ය­ව­ර­යකු වූ ෆීලික්ස් බෙස්ලින් පෙරේරා මහතා ඇතුළු ඔහුගේ පවුලේ සමා­ජි­ක­යන් නියෝජ්‍ය ඇමැති මහා­චාර්ය රුවන් රණ­සිංහ, ශ්‍රී ලංකා සංචා­රක ප්‍රව­ර්ධන කාර්යාං­ශයේ සභා­පති සහ ශ්‍රී ලංකා සංචා­රක සංව­ර්ධන අධි­කා­රියේ සභා­පති බුද්ධික හේවා­ව­සම් මහ­ත්ව­රුන් විසින් ‘සිල්ක් රූට්’ මගී පර්ය­න්තයේ දී පිළි­ගැ­නී­මෙන් අන­තු­රුව එම අව­ස්ථාව සම­ර­මින් කේක් ගෙඩි­යක් කැපූ අයුරු.

වස­රක් ඇතු­ළත ශ්‍රී ලංකා­වට පැමිණි වැඩිම සංචා­ර­ක­යන් සංඛ්‍යාෙව් වාර්තාව වෙනස් කර­මින් ඊයේ (29) පෙර­ව­රුවේ 2,333,797 වැනි සංචා­ර­කයා මෙර­ටට පැමි­ණි­යේය. මෙතෙක් ශ්‍රී ලංකා­වට වැඩිම සංචා­ර­ක­යන් පිරි­සක් පැමිණ තිබුණේ 2018 වස­රේ­දීය. එම ඉති­හා­ස­ගත වාර්තාව වෙනස් කර­මින් ඊයේ (29) වන විට මෙර­ටට පැමිණි සංචා­ර­ක­යන් ගණන 2,333,796ක් ලෙස වාර්තා වූ අතර මේ අනුව 2018 පිහි­ටු­වන ලද වැඩිම සංචා­රක සංඛ්‍යාවේ වාර්තාව 2025 වසරේ දී අලුත් විය.

කටු­නා­යක ගුවන් තොටු­පොළ වෙත පැමිණි 2,333,797 වැනි සංචා­ර­කයා පිළි­ගැ­නීම සඳහා ගුවන් තොටු­පොළ ‘සිල්ක් රූට්’ මගී පර්ය­න්තයේ සංචා­රක කට­යුතු පිළි­බඳ නියෝජ්‍ය අමාත්‍ය මහා­චාර්ය රුවන් රණ­සිංහ මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් උත්ස­ව­යක් ද පැවැ­ත්විය. මෙසේ පැමිණි සංචා­ර­කයා වූයේ දකුණු ඉන්දි­යාවේ කේරළ ප්‍රාන්තයේ පදිංචි විශ්ව­වි­ද්‍යාල ආචා­ර්ය­ව­ර­යකු වූ ෆීලික්ස් බෙස්ලින් පෙරේරා මහ­තාය.

ඔහු සමඟ ඔහුගේ බිරිය වූ විශ්‍රා­මික පාසල් ගුරු­ව­රි­යක වූ රීනා ෆර්ඩි­නැ­න්ඩස් මහ­ත්මිය සහ ඔවුන්ගේ අවි­වා­හක දිය­ණිය වූ, වෛද්‍ය ඈන් ක්‍රිස්ටිනා පෙරේරා මෙණෙ­විය ද පැමිණ සිටි­යහ.

ඒ අනුව මෙම 2025 වසර ශ්‍රී ලංකා­වට වැඩිම සංචා­ර­ක­යන් පිරි­සක් පැමිණි වසර බවට පත්වේ.

ශ්‍රී ලංකා සංචා­රක ප්‍රව­ර්ධන කාර්යාං­ශයේ සභා­පති සහ ශ්‍රී ලංකා සංචා­රක සංව­ර්ධන අධි­කා­රියේ සභා­පති බුද්ධික හේවා­ව­සම් මහතා ඇතුළු මෙරට සංචා­රක ක්ෂේත්‍ර­යට සම්බන්ධ විශාල පිරි­සක්ද කටු­නා­යක ගුවන් තොටු­පොළ ‘සිල්ක් රූට්’ මගී පර්ය­න්ත­යට මේ සංචා­ර­කයා පිළි­ගැ­නී­මට පැමිණ සිටි­යහ.

කටු­නා­යක – ටී.කේ.ජී. කපිල