හැඳුනුම්පත් නිකුත් කිරීමේදී මතුවූ තාක්ෂණික දෝෂය යථා තත්ත්වයට පත් කෙරේ

හැඳුනුම්පත් නිකුත් කිරීමේදී මතුවූ තාක්ෂණික දෝෂය යථා තත්ත්වයට පත් කර ඇති බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ වැඩබලන කොමසාරිස් ජනරාල් එම්. එස්. පී. සූරියප්පෙරුම පවසනවා.

ඒ අනුව අද (30) දිනයේ හැඳුනුම්පත් නිකුත් කිරීම සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය සඳහන් කළේ.

එම තාක්ෂණික දෝෂය හේතුවෙන් ඊයේ (29) පස්වරු 1.00 සිට 4.00 දක්වා හැඳුනුම්පත් නිකුත් කිරීමට නොහැකි වූ බව ද පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ වැඩබලන කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කළා.

එසේම නිකුත් කිරීමට නොහැකි වූ හැඳුනුම්පත් තැපෑල ඔස්සේ අදාළ පුද්ගලයන් වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බවයි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ වැඩබලන කොමසාරිස් ජනරාල් එම්. එස්. පී. සූරියප්පෙරුම වැඩිදුරටත් ප්‍රකාශ කළේ.