නව වසර වෙනුවෙන් හෙට කොළඹට විශේෂ රථවාහන සැලැස්මක්

2026 නව වසර සැමරීම සඳහා හෙට (31) දින කොළඹ නගරය වෙත පිට පළාත් වලින් නව වසර උදාව සැමරීම සඳහා විශාල ජනතාවක් සහ රථවාහන ප්‍රමාණයක් කොළඹ නගරය වෙත පැමිණීම හේතුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව නව වසර උදාව හේතු කොට ගෙන විශේෂයෙන් කොළඹ නගරයේ කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤ වීදිය, මරදාන, කොල්ලුපිටිය, බම්බලපිටිය හා කුරුඳුවත්ත යන පොලිස් වසම්වල මෙසේ අධික රථවාහන තදබදයක් ඇති විය හැකි බවට අපේක්ෂා කරන බවයි සඳහන් වන්නේ.

කෙසේ නමුත් හෙට දිනයේ මෙම පොලිස් වසම්වල සාමාන්‍ය පරිදි රථවාහන ගමනාගමනය සිදු කරන අතර අධික රථවාහන තදබදයක් ඇති වන අවස්ථාවලදී පමණක් අවස්ථානුකූලව පහත පරිදි රථවාහන ගමනාගමනය සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

මෙම රථවාහන හා ආරක්ෂක රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් 1,200 ක් පමණ ප්‍රමාණයක් යෙදවීමට සැලසුම් කර තිබෙනවා.

අදාළ රථවාහන සැලැස්ම ක්‍රියාත්මක වන ආකාරය ඇතුළත් මාර්ග සිතියම් සහ රථවාහන ගාල් කිරීම් ඇති ස්ථාන පහතින්.news images news images news images news images