ඩග්ලස් දේවානන්දා බන්ධනාගාර රෝහලට

අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කරනු ලැබූ හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහර බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇති බවයි සඳහන් වන්නේ.

2001 වසරේදී ඔහුගේ පෞද්ගලික පරිහරණය සඳහා යුද හමුදාවෙන් ලබා දුන් ගිනිඅවියක් 2019 වසරේදී සංවිධානාත්මක අපරාධකරුවකු වන මාකඳුරේ මදුෂ්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී සොයා ගැනීමේ සිද්ධියකට අදාළව සිදු කරන විමර්ශනවලට අදාළව පසුගියදා ඔහු අත්අඩංගුවට ගෙන තිබුණා.