ගිංඔයට පැනීමෙන් පසුව අතුරුදන්ව සිටි තරුණියගේ මළ සිරුර හමුවී තිබෙන බව වෙන්නප්පුව පොලිසිය පවසනවා.
මෙම තරුණිය වෙන්නප්පුව – නයිනමඩම ප්රදේශයේ පාලමකින් ඔයට පැන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ ජා ඇළ – බෝපිටිය ප්රදේශයේ පදිංචිව සිටි උදයංගනා සත්සරණී (17) නමැති පාසල් සිසුවියක්.
මියයන්නට පෙර ඇය කොච්චිකඩේ ප්රදේශයේ තාවකාලිකව පදිංචි වී සිට ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
මෙම තරුණියගේ මව මේ වනවිට දෙවන විවාහයක් සිදුකරගෙන ඇති අතර පවුල තුළ ගැටලු රැසක් පැවතී බවටයි පොලීසියට තොරතුරු වාර්තා වී ඇත්තේ.
ඇයව බේරාගැනීමට ඔයට පැන ඇති තරුණයාව ප්රදේශවාසීන් විසින් බේරාගෙන තිබුණා.
ඔහු ප්රතිකාර සඳහා මාරවිල මුලික රෝහලට ඇතුළත් කර තිබෙන බවයි පොලිසිය පැවසුවේ.








