කිරිබත්ගොඩ වෙළෙඳසලක ගින්නක්

අද (30) පස්වරුවේ කිරිබත්ගොඩ වෙළෙඳසලක ගින්නක් හටගෙන ඇති බව වාර්තා වනවා.

ඒ අනුව ගින්න නිවීම සඳහා ගිනි නිවීමේ රථ 5 ක් යොමු කර ඇති බවයි සඳහන් වන්නේ.

මෙම ගින්න හේතුවෙන් නුවර පාරේ කිරිබත්ගොඩ අවට ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.