ට්‍රම්ප් – සෙලෙන්ස්කි හමුවෙති

යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුව ඇමෙරිකාවේ ෆ්ලොරීඩාහි නිවාඩු නිකේතනයකදී පැවැත්වුණා.

එහිදී යුක්රේන යුද්ධය අවසන් කිරීම සඳහා කරුණු 20 කින් යුත් සැලැස්මක් සාකච්ඡා කරනු ලැබූ අතර එම සාකච්ඡා සාර්ථක බවයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ.

යුද්ධය අවසන් කිරීම සඳහා සාම ගිවිසුමකට එළඹීම කවදාටත් වඩා සමීප බවයි ඔහු කියා සිටියේ.

මෙම සාකච්ඡාව සදහා යුක්‍රේන පාර්ශවය නියෝජනය කරමින් යුක්රේන ජාතික ආරක්ෂක සහ ආරක්ෂක මණ්ඩලයේ ලේකම් රුස්ටම් උමෙරොව් සහ යුක්රේන යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ඇන්ඩි්‍ර නාටොව් එක්ව තිබෙනවා.

එමෙන්ම ඇමෙරිකානු පාර්ශවය වෙනුවෙන් ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ්, ට්‍රම්ප්ගේ බෑණා වන ජැරඩ් කුෂ්නර් සහ ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ ද එක්ව සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.