2025 වසරේ ගත වූ කාලය තුළ රුපියල් බිලියන 2,497 ක ආදායමක් උපයා ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසනවා.
ඒ අනුව 2025 වසර සඳහා මුදල් අමාත්‍යාංශය මඟින් රේගුවට ලබා දී තිබූ ආදායම් ඉලක්කය රුපියල් බිලියන 2,115 ක් වන බවත්, නොවැම්බර් මාසය වන විට එම ආදායම ඉක්මවූ ආදායමක් රැස් කිරීමට සමත් වූ බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්යක්ෂ චන්දන පුංචිහේවා සඳහන් කළේ.
ලබා දී තිබූ ආදායම් ඉලක්කය ඉක්මවා යාමට වාහන ආනයනය හේතුවක් වූ බවත්, එසේම ශ්‍රී ලංකා රේගුව විසින් ගත් විවිධ ක්‍රියාමාර්ග ද මේ සඳහා ඉවහල් වූ බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.








