රනිල්ට-දේශබන්දුට එරෙහි නඩු ත්‍රිපුද්ගල මහාධිකරණයට

හිටපු ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිං­හට සහ හිටපු පොලි­ස්පති දේශ­බන්දු තෙන්න­කෝන්ට එරෙ­හිව කොළඹ ස්ථිර ත්‍රිපු­ද්ගල මහා­ධි­ක­ර­ණය ඉදි­රියේ නඩු පැව­රීම කෙරෙහි නීති­පති දෙපා­ර්ත­මේ­න්තුව හා පොලී­සිය අතර පැවති සාක­ච්ඡා­ව­කදී අව­ධා­නය යොමුව ඇත.

රජයේ මුදල් අව­භා­විත කර­මින් සිය බිරි­යගේ උපාධි ප්‍රදා­නෝ­ත්ස­ව­ය­කට සහ­භාගි වීමේ චෝද­නා­වට යටතේ හිටපු ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිං­හ­ටත්, වැලි­ගම ඩබ්ලිව්. 15 හෝට­ලයේ වෙඩි තැබීම සම්බ­න්ධ­යෙන් හිටපු පොලි­ස්පති දේශ­බන්දු තෙන්න­කෝ­න්ටත් මෙසේ නඩු පැව­රීම සම්බ­න්ධ­යෙන් අව­ධා­නය යොමුව තිබේ.

නීති­පති පාරින්ද රණ­සිංහ මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් සහ පොලි­ස්පති ප්‍රියන්ත වීර­සූ­රිය මහ­තාගේ සහ­භා­ගි­ත්ව­යෙන් පසු­ගිය 22 වැනිදා නීති­පති දෙපා­ර්ත­මේ­න්තු­වේදී මේ සාක­ච්ඡාව පවත්වා තිබේ. රජයේ මුදල් අව­භා­විත කර­මින් සිය බිරි­යගේ උපාධි ප්‍රදා­නෝ­ත්ස­ව­ය­කට සහ­භාගි වීමේ චෝද­නා­වට යටතේ හිටපු ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිං­හට සහ එයට අනු­බල දීමේ චෝද­නාව යටතේ ඔහුගේ පෞද්ග­ලික ලේක­ම්ව­රයා ලෙස සේවය කළ සමන් ඒක­නා­යක ඇතුළු පිරි­සක් විත්ති­ක­රු­වන් කර මේ නඩුව ගොනු කිරී­මට නිය­මි­තය. අදාළ නඩුව දින­පතා විභාග කළ හැකි පරිදි ස්ථිර ත්‍රිපු­ද්ගල මහා­ධි­ක­ර­ණය ඉදි­රියේ පැව­රිය යුතු බවට මෙහිදී අති­රේක සොලි­සි­ටර් ජන­රාල් දිලීප පීරිස් මහතා යෝජනා කර තිබේ.

මේ නඩුව හිටපු විධා­යක ජනා­ධි­ප­ති­ව­ර­යකු සම්බ­න්ධ­යෙන් ගොනු කෙරෙන නඩු­වක් වන බැවින් හා අප­රාධ චෝදනා යටතේ හිටපු ජනා­ධි­ප­ති­ව­ර­ය­කුට විරු­ද්ධව නඩු පැව­රෙන පළමු අව­ස්ථාව මෙය බැවින් සුවි­ශේෂ කට­යු­ත්තක් ලෙස සලකා චෝදනා විභාග කිරී­මට ත්‍රිපු­ද්ගල මහා­ධි­ක­රණ විනි­සුරු මඬු­ල්ලක් පත්ක­රන ලෙස අග­වි­නි­සු­රු­ව­ර­යා­ගෙන් ඉල්ලා සිටිය යුතු යැයි ඔහු යෝජනා කර ඇත.

කොටුව මහේ­ස්ත්‍රාත් උසා­විය ඉදි­රියේ රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාට විරු­ද්ධව පැවැ­ත්වෙන මූලික නඩු විභා­ග­යට නීති­ප­ති­ව­රයා නියෝ­ජ­නය කර­මින් සහ­භාගි වන්නේ දිලීප පීරිස් මහ­තාය. එම නඩුව ලබන ජන­වාරි මස 28 වැනිදා කැඳ­වී­මට නිය­මිත අතර, එහිදී ඉදිරි ක්‍රියා­මාර්ග පිළි­බඳ ඔහු අධි­ක­ර­ණ­යට දැනුම් දෙනු ඇත.

නීති­ප­ති­ව­රයා සමඟ පසු­ගිය 22 වැනිදා පැවති හමු­වේදී විම­ර්ශන ගොනුව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් නීති­පති දෙපා­ර්ත­මේ­න්තු­වට භාරදී ඇත. එම ‌‌ගොනුව අධ්‍ය­ය­නය කිරී­මෙන් පසු නඩු පව­රන ආකා­රය පිළි­බඳ තීර­ණ­යක් ගන්නා බව නීති­ප­ති­ව­රයා පවසා තිබේ. ඒ පිළි­බඳ තීරණ හා අනෙ­කුත් විම­ර්ශ­න­වල ප්‍රග­තිය සලකා බැලී­මට දෙපාර්ශ්ව මසක් ඇතු­ළත යළි හමු­වී­මට නිය­මි­තය.

නීති­පති – පොලි­ස්පති හමු­වේදී පසු­ගිය කාලයේ මහ­ජන අව­ධා­න­යට ලක්වූ සිද්ධි 65කට ආසන්න ප්‍රමා­ණ­යක වර්ත­මාන ප්‍රග­තිය සලකා බලා ඇත. මේ වන විට විභාග වෙමින් තිබෙන නඩු, ඉදි­රි­යේදී ගොනු කිරී­මට නිය­මිත නඩු සහ පසු­ගිය කාලයේ ඉල්ලා අස්කර ගෙන ඇති නඩු පිළි­බඳ එහිදී සමා­ලෝ­ච­න­යක් කර ඇත. එම නඩු පව­ත්වා­ගෙන යන ආකා­රය පිළි­බඳ ක්‍රම­වේ­ද­යක් සාක­ච්ඡාව තිබේ.

පසු­ගිය කාලයේ ඉම­හත් ආන්දෝ­ල­න­යට ලක්වූ නීති­ප­ති­ව­රයා විසින් ඉල්ලා අස්කර ගැනීම හෝ නඩු පැව­රීම සිදු නොවුණු සිදු­වීම් 6කට අදාළ ලිපි­ගොනු සම්බ­න්ධ­යෙන් ද සාක­ච්ඡා­වේදී විශේ­ෂ­යෙන් අව­ධා­නය යොමුව ඇත. එම සිද්ධීන් අත­රින් ප්‍රමා­ණ­වත් සාක්ෂි පව­තින සිද්ධි සම්බ­න්ධ­යෙන් යළි නඩු පැව­රීම කෙරෙහි අව­ධා­නය යොමු කරන ලෙස අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව යෝජනා කර ඇත. ඒ කෙරෙහි නීති­පති දෙපා­ර්ත­මේ­න්තුවේ අව­ධා­නය යොමුව ඇත.

එමෙන්ම වැලි­ගම ඩබ්ලිව් 15 හෝට­ලයේ වෙඩි තැබීම සම්බ­න්ධ­යෙන් ද හිටපු පොලි­ස්පති දේශ­බන්දු තෙන්න­කෝන්ට එරෙහි පැව­රී­මට නිය­මිත නඩු­වද ත්‍රිපු­ද්ගල මහා­ධි­ක­ර­ණය ඉදි­රියේ පැව­රී­මට යෝජ­නාව තිබේ. ඒ සම්බ­න්ධ­යෙන් දෙසැ­ම්බර් 15දාට පෙර අවශ්‍ය පිය­වර ගන්නා ලෙස නීති­ප­ති­ව­රයා නියෝජ්‍ය සොලි­සි­ටර් ජන­රාල් යුහාන් අබේ­වි­ක්‍රම මහ­තාට උප­දෙස් දී තිබේ.

නීති­ප­ති­ව­ර­යාට අම­ත­රව නියෝජ්‍ය සොලි­සි­ටර් ජන­රාල් අසාද් නවාවි‍‍, අති­රේක සොලි­සි­ටර් ජන­රාල් දිලීප පීරිස්, අති­රේක සොලි­සි­ටර් ජන­රාල් සුද­ර්ශන ද සිල්වා යන මහ­ත්වරු මෙම සාක­ච්ඡා­වට වරින් වර සහ­භා­ගිව ඇත. නීති­පති දෙපා­ර්ත­මේ­න්තුවේ එම නිල­ධා­රීන් තමන් විසින් මෙහ­ය­වනු ලබන නඩු­වල වර්ත­මාන තත්ත්වය සම්බ­න්ධ­යෙන් පොලි­සිය දැනු­ව­ත්කර ඇත.

අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍යක්ෂ ශානි අබේ­සේ­කර, මූල්‍ය අප­රාධ විම­ර්ශන දිසාව භාර නියෝජ්‍ය පොලි­ස්පති පවිත්‍ර දයා­රත්න හා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති අසංක කර­විට යන මහ­ත්වරු සහ පොලි­ස්ප­ති­ව­රයා පොලිස් දෙපා­ර්ත­මේ­න්තුව වෙනු­වෙන් සහ­භා­ගිව තිබේ.