මත්තල හරහා විදෙස්ගත වන ගුවන් මගීන්ගෙන් අය කෙරෙන අපගමන බද්ද අද සිට ඉවත් කෙරේ

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා විදෙස්ගත වන ගුවන් මගීන්ගෙන් අය කෙරෙන අපගමන බද්ද අද (29) සිට ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව මුදල් අමාත්‍යාංශය විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර ඇති අතර මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා මෙරටින් පිටත්වන ගුවන් මගීන්ගෙන් අය කෙරෙන ඩොලර් 60 ක අපගමන බද්ද අය නොකරන බවයි සඳහන් වන්නේ.

2026 වසරේ ජූනි 26 වැනිදා දක්වා මෙය ක්‍රියාත්මක අතර මත්තල ගුවන්තොටුපළ වෙත ගුවන් සමාගම් සහ මගීන් ආකර්ෂණය කර ගැනීම වෙනුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.