තරුණියක් ගිංඔයට පනී – සිරුර සොයා මෙහෙයුම්

17 හැවිරිදි තරුණියක් ඊයේ (28) සවස 5.30 ට පමණ වෙන්නප්පුව නයිනමඩම පාලම මතින් ගිංඔයට පැන ඇති බව කියන තරුණියකගේ මළ සිරුර සොයා මෙහෙුයමක් ආරම්භ කර ඇතැයි වෙන්නප්පුව මුලස්ථාන පොලිසිය පවසයි.

මෙසේ අතුරුදහන් වි ඇත්තේ ජාඇල බෝපිටිය පදිංචි උමයංගනා සත්සරණි නැමති 17 හැවිරිදි තරුණියකි.

සිද්ධීය වූ දින තරුණිය සවස 5.30 ට පමණ හලාවත කොළඹ ප්‍රධාන මාර්ගයේ නයිනමඩම ප්‍රදේශයේ ඇති ගිංඔය පාලම ආසන්නයේ බස් නැවතුම ළග තරුණයෙකු සමග කථා බස් කරමින් සිට තිබෙයි.

පසුව දෙදෙනා අතර ඇතිවූ බහින් බස්වීමකින් පසු තරුණිය එකවරම ගිංඔයට පැන ඇති බව පොලීසිය කියයි.

පසුව ඇය බේරා ගැනිමට එම තරුණයා ද ගිංඔය ට පැන ඇත.

ගිංඔයේ දියේ සිටි දොදනාට අසල හෝටලයක සේවකයින් දෙදෙනකු ගගේ කඹයක් දමා ඇති අතර තරුණයා කඹයේ එල්ලී ඇති අතර තරුණිය දියේ ගිලි අතුරුදහන් වි තිබුණි.

දිවි බේරාගත් වෙන්නප්පුව නයිනමඩම පදිංචි 18 හැවිරිදි රුමේෂ් ලක්ෂාන් තරුණයා 1990 ගිලන් රථයකින් මාරවිල මුලික රෝහල ප්‍රතිකාර සදහා ඇතුලත් කර ඇත.

ගිංඔයේ අතුරුදහන්ව සිටින තරුණියගේ සිරුර සොයා බෝට්ටුවක් ආධාරයෙන් තරුණයින් පිරිසක් මෙහෙයුමක් ආරම්භ කලද සිරුර හමුවි නැති අතර අද (29)නාවික හමුදාව විසින් සිරුර සොයා මෙහෙයුම් ආරම්භ කළේය.

වෙන්නප්පුව මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක තිළිණ හෙට්ටිආරච්චි මහතාගේ උපදෙස් මත උප පොලිස් පරික්ෂක දිසානායක මහතා ඇතුළු නිලධාරින් ඉදිරි විමර්ශන සිදු කරයි.