කොළඹ කොටුව සහ හලාවත අතර දුම්රිය ධාවන කටයුතු අද සිට යළි ඇරඹේ

පුත්තලම දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව සහ හලාවත අතර දුම්රිය ධාවන කටයුතු අද (29) සිට යළි ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

නොවැම්බර් මස අවසානයේ ශ්‍රී ලංකාවට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුත්තලම දුම්රිය මාර්ගයේ කුඩාවැව සහ මාදම්පේ දුම්රිය ස්ථාන අතර පිහිටි කඩුපිටි ඔය හරහා පවතින දුම්රිය පාලම අසලින් දුම්රිය මාර්ගය සෝදාගෙන යාම හේතුවෙන් කොළඹ කොටුව සිට හලාවත / පුත්තලම අතර දුම්රිය ධාවනය ඇණහිට තිබුණා.

එම හේතුවෙන් හලාවත දුම්රිය ස්ථානයේ ගාල් කර තිබූ දුම්රිය කට්ටල 05 ක් දුම්රිය ධාවනය සඳහා යොදා ගැනීමට නොහැකි වූ අතර, එම මාර්ගයේ දුම්රිය ධාවනය, නාත්තන්ඩිය දුම්රිය ස්ථානය දක්වා පමණක් සීමා වී තිබූ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

මේ වන විට ආපදාවට ලක් වූ දුම්රිය මාර්ග කොටසෙහි අලුත්වැඩියා කටයුතු අවසන් කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

 අදාළ කාලසටහන පහතින්.

 news images