පහරදීමකින් අයෙක් ජීවිතක්ෂයට

පහරදීම හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු රත්නපුර රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා.

අයගම සමරුගම ප්‍රදේශයේදී සිදුවීම වාර්තා වූ බවයි පොලිසිය පැවසුවේ.

ඊයේ (27) පෙරවරුවේ අයගම පොලිස් ස්ථානය වෙත ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබෙන බවද පොලිසිය සඳහන් කළා.

මරණකරු වයස අවුරුදු 57 ක් වූ සමරුගම, අයගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මරණකරු 26 වැනිදා සවස අසල්වැසි නිවසකට ගොස් සිටියදී එම නිවසේ හිමිකරු සමග ඇති කරගත් ආරවුලක් හේතුවෙන් එම නිවෙස් හිමිකරු විසින් පහරදී මෙම ඝාතනය සිදු කර ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

ඝාතනය සිදු කළ වයස අවුරුදු 40ක් වන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා