2025 වසරේ මුල් මාස 11 තුළ රජයේ සමස්ත බදු ආදායම රුපියල් බිලියන 4500 ඉක්මවයි.

2025 වසරේ මුල් මාස 11 තුළ රජයේ සමස්ත බදු ආදායම රුපියල් බිලියන 4,613 ක් බව මුදල් අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හරහා රුපියල් බිලියන 2,105 ක්, ශ්‍රී ලංකා රේගුව හරහා රුපියල් බිලියන 2,223 ක් හා සුරාබදු දෙපාර්තමේන්තුව හරහා රුපියල් බිලියන 213 ක් හා වෙනත් වශයෙන් රුපියල් බිලියන 70 ක් ලෙස බදු ආදායම් උපයා ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

2025 වසරේ මුල් මාස 11 දී, වාහන ආනයනය හරහා උපයා ඇති බදු ආදායම, රුපියල් බිලියන 410.5 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ද සඳහන් වනවා.

එසේම  2025 වසරේ පළමු මාස 11 කාලය තුළ සමස්ත රාජ්‍ය ආදායම රුපියල් බිලියන 4,945.8 දක්වා 35.5% කින් ඉහළ ගොස් ඇති බවයි මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.