දිට්වා සුළි කුණාටුව හේතුවෙන් සිදුවූ වගා හානිවලට රජය ප්‍රකාශ කළ පරිදි තවමත් වන්දි මුදල් ලබාදී නොමැති බව ගොවීන් හා ගොවි සංගම් චෝදනා කරනවා.
මේ හේතුවෙන් නැවත සිය වගා කටයුතුවල නිරතවීමට නොහැකිව තමන් අපහසුතාවයට පත්ව සිටින බවයි ඔවුන් කියා සිටියේ.
මේ සම්බන්ධයෙන් අනුරාධපුර ප්‍රදේශයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මහා වාරි ගොවි සංවිධානයේ සභාපති පුංචිරාල රත්නායක කියා සිටියේ වහාම ගොවියන්ට වගාහානි පිළිබඳ වන්දි ලබාදීමට කටයුතු කරන ලෙසයි.
කෙසේ වෙතත් මෙම තත්ත්වය මත ඉදිරියේදී නැවතත් රට තුළ සහල් හිඟයක් නිර්මාණය වීමේ අවදානමක් පවතින බවයි සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති යූ.කේ. සේමසිංහ පෙන්වා දුන්නේ.








