යුක්රේනය සහ රුසියාව අතර යුධ ගැටුම් පවතින මොහොතක සාමය උදාකර ගැනීමට යුක්රේනයට කිසිදු අවස්ථාවක් නොමැති බව රුසියානු ජනාධිපති ව්ලැදිමියර් පුටින් ප්රකාශ කර තිබෙනවා.
සාමය උදාකර ගැනීමට යුක්රේනය සූදානම් නොමැති නම් එරට තුළ තම අරමුණු ඉටු කර ගැනීම සදහා බලය භාවිත කරන බවයි රුසියානු ජනාධිපතිවරයා ප්රකාශ කර ඇත්තේ.
රුසියාව සමග පවතින යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් වන යුක්රේන ජනාධිපති වොලොද්මියර් සෙලෙන්ස්කි සහ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් අතර සාකච්ඡාවක් අද (28) ෆ්ලොරීඩාහිදී පැවැත්වීමට නියමිතයි.
එවන් පසුබිමකයි රුසියානු ජනාධිපතිවරයා මෙම ප්රකාශය සිදුකර ඇත්තේ.








