එළවළු වර්ග කිහිපයක මිල ඉහළට : බෝංචි කිලෝවක් 1,400යි

පිටකොටුව මෙන්ම දඹුල්ල, නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථාන ආශ්‍රීත ප්‍රදේශවල බෝංචි ඇතුළු එළවළු වර්ග කිහිපයක මිල ගණන් අදත් (26) ඉහළ ගොස් තිබුණා.

ඇතැම් ස්ථානවල බෝංචි කිලෝග්‍රෑමයක් රුපියල් 1,400 කට අලෙවි වුණු බව සඳහන්.

මහ බැංකු දෛනික මිල වාර්තාවේ සඳහන් වන්නේ තක්කාලි මිලද රුපියල් 500 ඉක්මවූ බවයි.

අමු මිරිස් මිල රුපියල් 1,500 ඉක්මවා තිබුණා.