රක්ෂිත බන්ධනාගාරගතව සිට, මේ මස 15 වැනිදා ඇප හිමිවූ අපරාධ කල්ලි සාමාජික ‘බැකෝ සමන්’ නමැත්තාගේ බිරිඳ වන ‘ශාධිකා ලක්ෂානි’ නමැත්තිය ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමෙන් අනතුරුව ඊයේ දිනයේ පිටව ගොස් තිබෙනවා.
රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් සහ රුපියල් 150,000 ක මුදල් ඇපයක් මත මෙම සැකකාරිය නිදහස් කර ඇති අතර, ඇයට විදෙස් ගමන් තහනමක් ද පනවා ඇති බවයි සඳහන් වන්නේ.








