සීදුව සමාජ ශාලාවකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් සැලසුම් කළ 06ක් අත්අඩංගුවට

සීදුව පොලිස් වසමේ සමාජ ශාලාවකට පෙට්‍රල් බෝම්බ ගසා අපරාධයක් සිදු කිරීමට සූදානමින් සිටි පුද්ගලයන් හය දෙනෙකු පෙට්‍රල් බෝම්බ හයක් සමග අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය පවසනවා.

එම සැකකරුවන් අතර එම ආයතනයේ කළමනාකරු, ව්‍යාපාරිකයෙකු , ත්‍රිරෝද රථ රියදුරන් තිදෙනෙකු හා තවත් පුද්ගලයෙකු වන බව ‍පොලිසිය සඳහන් කරනවා.

බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයට ලද තොරතුරකට අනුවයි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකාර කළමනාකරුට මීගමුව අධිකරණයේ විභාගවන නඩු දෙකක් සඳහා වරෙන්තු නිකුත් කර ඇති පුද්ගලයෙකු බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය පරීක්ෂණ පවත්වනවා.