MakeMyTrip විසින් නිකුත් කළ නවතම වාර්තාවකට අනුව, උත්සව සමයේදී ඉන්දියානු සංචාරකයින් වැඩිම වශයෙන් වෙන්කර ගත් ජාත්‍යන්තර ගමනාන්ත අතර ශ්‍රී ලංකාව තෙවැනි ස්ථානයට පැමිණ ඇත.
මෙම වාර්තාව 2025 දෙසැම්බර් 20 සිට 2026 ජනවාරි දක්වා කාලය තුළ න්දියානු සංචාරකයින් විසින් සිදුකළ වෙන්කිරීම්, පසුගිය වසරේ අදාළ කාලයට සසඳමින් විශ්ලේෂණය කිරීමෙන් සකස් කර තිබේ.
එහිදී ශ්‍රී ලංකාව ඉන්දියානු සංචාරකයින්ගේ ප්‍රියතම ගමනාන්තයක් ලෙස ඉහළ උනන්දුවක් ලබමින් සිටින බව සඳහන් වේ.
මෙම ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය තායිලන්තයට හිමිව ඇති අතර, දෙවැනි ස්ථානය එක්සත් අරාබි එමීර රාජ්‍යයට හිමිව ඇත.
වියට්නාමය පසුගිය වසරේ හත්වැනි ස්ථානයේ සිට මේ වසරේ සිව්වැනි ස්ථානයට පැමිණීම විශේෂත්වයකි.
ඊට අමතරව මැලේසියාව, ඉන්දුනීසියාව, සිංගප්පූරුව, එක්සත් රාජධානිය, එක්සත් ජනපදය සහ හොංකොං යන රටවල් ද ඉන්දියානු සංචාරකයින් අතර ජනප්‍රිය ගමනාන්ත ලෙස ලැයිස්තුවට ඇතුළත් වී ඇත.
සංචාරක කර්මාන්තයේ විශේෂඥයින් පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාවේ ස්වභාවික සුන්දරත්වය, සංස්කෘතික උරුමය සහ ඉන්දියාවට ආසන්න භූගෝලීය පිහිටීම මෙම වැඩි උනන්දුවට හේතු වී ඇති බවය.








