අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුණු හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා අද (27) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
යුද හමුදාවෙන් ඔහුට නිකුත් කළ ගිනි අවියක් වැලිවේරිය ප්‍රදේශයේදී අපරාධකරුවෙකු සන්තකයේ තිබී හමුවීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා ඊයේ (26) අත්අඩංගුවට ගෙන තිබුණා.








