රටේ ජනතාවට සත්‍ය තොරතුරු දැන ගැනීමේ අයිතිය ඉවත් කිරීමට හා පොලිස් රාජ්‍යයක් ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
ප්රජාතන්ත්රවාදය සුරක්ෂිත වන්නට නම්, මාධ්‍ය නිදහස සුරක්ෂිත වී ස්වාධීන මාධ්‍යයට තැන දිය යුතු බවත්, නමුත් වත්මන් රජය ස්වාධීන මාධ්‍ය ක්‍රියාවලියට බලපැම් කර, ස්වාධීන මාධ්‍ය මර්ධනය කරන්නට පොලිසිය උපයෝගී කරගෙන, ස්වාධීන මාධ්‍යයට තර්ජනය කරන බවයි අද (26) විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් විපක්ෂ නායකවරයා පවසා සිටියේ.
ස්වාධීන මාධ්‍ය තමන්ගේ මතය හේතු කරුණු කාරණා සාක්ෂි මත පදනම්ව ඉදිරිපත් කළත්, එය උල්ලංඝනය කිරීමට කටයුතු කිරීම යනු ප්රජාතන්ත්රවාදී රාජ්‍යය පොලිස් රාජ්‍යයක් බවට පත් කිරීමට උත්සාහ කිරීමක් බව ඔහු සඳහන් කර සිටියා.
මෙරට නිහඩ බහුතරයේ හඬ වන්නේ ස්වාධීන මාධ්‍ය බැවින්, එය මර්දනය නොකළ යුතු බවත්, මේ මාධ්‍ය මර්දනය යනු ඒකාධිපති පාලනයකට අත පෙනීමක් බවත් ඔහු පෙන්වා දෙනවා.
ජනතාව ජනවරමක් ලබා දුන්නේ ඒකාධිපති පාලනයකට හෝ පොලිස් රාජ්‍යයක් ඇති කිරීමට නොවන බවත්, රජය ප්රජාතන්ත්රවාදී අයිතිය අහෝසි කරන්නට උත්සාහ කරන්නේ නම් ඒ වෙනුවෙන් විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය පෙනී සිටින බවයි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.








