ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ.

මීරිගම සහ පල්ලේවෙල අතර දුම්රියක් පිලී පැනීම මීට හේතු වී ඇත.

මීරිගම සිට කොළඹ බලා ධාවනය කළ දුම්රියක් මීරිගම දුම්රිය ස්ථානය ආසන්නයේදීම පිලී පැනීමකට ලක්ව ඇති බව දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය සඳහන් කර සිටී.

මේ හේතුවෙන් ප්‍රධාන දුම්රිය මාර්ගයේ සුලු දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය වැඩිදුරටත් දන්වා ඇත.