තමන් භාවිතාකරන Gmail ලිපිනයේ පරිශීලක නාමය වෙනස්කිරීමේ බලාපොරොත්තුවෙන් සිටියත්, ඒ සඳහා අවස්ථාවක් නොමැතිව සිටි පරිශීලකයින්ගේ එම දිගු කාලීන ගැටලුවට විසදුමක් ලබාදීමට Google සමාගම මේ වනවිට සූදානම් කරමින් සිටී.
ඒ අනුව මෙම නව පහසුකම ක්‍රියාත්මක කිරීමත් සමග දැනට භාවිතාකරන email ලිපිනයට බලපෑමක් නොවන ලෙස පරිශීලකයාට එහි අවශ්‍ය පරිශීලක නාමය වෙනස්කිරීමට අවස්ථාව උදාවනු ඇත.
මෙමගින් පරිශීලකයින්ට නව ගිණුමක් නිර්මාණය නොකර පවත්නා ගිණුමේ තොරතුරු වෙනස් කිරීමකින් තොරව නව Gmail පරිශීලක නාමය තෝරා ගැනීමට හැකි වනු ඇත.
ඒ අනුව පරිශීලකයින්ට ඔවුන්ගේ වත්මන් @gmail.com ලිපිනය නව ලිපිනයකින් වෙනස් කළ හැකිය.
කෙසේ නමුත් ‘@gmail.com’ සමග අවසන් වන විද්‍යුත් තැපැල් ලිපිනයක් භාවිතා කරන ලිපියනයන් සඳහා පමණක් මෙය අදාළ වන බව සඳහන්.
ඒ අනුව custom domains, කාර්යාල සහ පාසල් ලිපිනයන් සඳහා භාවිතා කරන ලිපියන්ගේ නාමයන් මේ යටතේ වෙනස්කිරීමට නොහැක.
එමෙන්ම නව විද්‍යුත් ලිපිනයද @gmail.com සමග ද අවසන් විය යුතු බවත් සඳහන්.
මේ අතර Google සමගම විසින් මෙම නව ක්‍රමයේ අනිසි භාවිතය වැළැක්වීම සඳහා සීමාවන් පනවා ඇත.
ඒ අනුව එක් @gmail පරිශීලක නාමයක් එක් වරක් වෙනස් කිරීමෙන් පසු නැවත වෙනසක් කිරීමට හැකි වනුයේ මාස 12ක කාලයකින් පසුවය.
මෙම කාල සීමාව තුළ, අවශ්‍ය නම් පෙර ලිපිනයට ආපසු යාමට පමණක් හැකි වනු ඇත.








