ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් සිය දෙදින නිල සංචාරය නිම කරමින් ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගොස් තිබෙනවා.
ඊයේ (22) මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා මෙරට රැඳී සිටි කාලය තුළ ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු පිරිසක් හමුවී සාකච්ඡා පවත්වා තිබුණා.
ඔහුට සමුදීම සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා ඇතුළු එම කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටි බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.








