2025 නත්තල් උත්සවය සැමරීම සඳහා අද (24) දින විශාල ජනතාවක් සහ රථවාහන ප්‍රමාණයක් කොළඹ නගරය වෙත, විශේෂයෙන් ගාලු මුවදොර ප්‍රදේශය වෙත පැමිණීම අපේක්ෂා කරන බව පොලිසිය පවසනවා.
ඒ අනුව, එසේ පැමිණීමේදී ඇති විය හැකි රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය විසින් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය සඳහන් කරන්නේ.
කොළඹ නගරයේ කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤ වීදිය, මරදාන, කොල්ලුපිටිය, බම්බලපිටිය, කුරුඳුවත්ත යන පොලිස් වසම්වල මෙසේ අධික රථවාහන තදබදයක් ඇති විය හැකි බවට අපේක්ෂා කරන බවත්, අද දින මෙම පොලිස් වසම්වල සාමාන්‍ය පරිදි රථවාහන ගමනාගමනය සිදු කරන අතර, අධික රථවාහන තදබදයක් ඇති වන අවස්ථාවලදී පමණක් අවස්ථානුකූලව පහත පරිදි රථවාහන ගමනාගමනය සිදු කිරීමට සැලසුම් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
අදාළ රථවාහන සැලැස්ම පහතින්.









