සුළි කුණා­ටුවේ හානිය: ලෝක බැංකු වාර්තාව එළි­දකී

දිට්වා සුළි කුණා­ටු­වෙන් පසු දැඩි ලෙස පීඩා­වට පත් වූ ප්‍රදේශ යථා තත්ත්ව­යට පත් කිරී­මට සහ අත්‍ය­වශ්‍ය සේවා සහ යටි­තල පහ­සු­කම්, සෞඛ්‍ය සේවා, ජලය, අධ්‍යා­ප­නය, කෘෂි කර්මා­න්තය ආදිය යථා තත්ත්ව­යට පත් කිරී­මට සහාය වීම සඳහා ලෝක බැංකු සමූ­හය විසින් වහාම ක්‍රියා­ත්මක වන පරිදි ඩොලර් මිලි­යන 120ක් වෙන් කොට තිබේ.

නොවැ­ම්බර් අගදී ශ්‍රී ලංකා­වට බලපෑ දිට්වා සුළි කුණා­ටුව, ගොඩ­නැ­ඟිලි සහ එහි අන්ත­ර්ග­ත­යන්, කෘෂි කර්මා­න්තය සහ තීර­ණා­ත්මක යටි­තල පහ­සු­කම් සඳහා අ‍ෙම­රි­කානු ඩොලර් බිලි­යන 4.1ක ඍජු භෞතික හානි­යක් සිදු කර ඇතැයි ලෝක බැංකු සමූ­හය සඳ­හන් කරයි.

ශ්‍රී ලංකා­වට සුළි කුණා­ටු­වෙන් සිදුවූ හානිය කොප­ම­ණ­දැයි එම සමූ­හය විසින් පෙරේදා (22) එළි­දැක්වූ Òගෝලීය වේග­වත් පශ්චාත් ආපදා හානි ඇස්ත­මේන්තුÓ (GRADE) වාර්තාවේ මේ බව සඳ­හන් වේ.

එම වාර්තා­වට අනුව සිදුවූ හානිය ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පා­දි­ත­යෙන් සිය­යට 4කට පමණ සමාන වන බව දැක්වේ.

ශ්‍රී ලංකාවේ මෑත ඉති­හා­සයේ වඩාත්ම දරුණු හා විනා­ශ­කාරී සුළි කුණා­ටුව වන මෙම සුළි කුණා­ටුව, දිස්ත්‍රික්ක 25 පුරාම මිලි­යන 2කට ආසන්න ජන­තා­ව­කට සහ පවුල් 500,000කට ආසන්න සංඛ්‍යා­ව­කට දැඩි ලෙස බලපෑ අතර, ජීව­නෝ­පා­යන්, අත්‍ය­වශ්‍ය සේවා සහ පුළුල් ආර්ථි­ක­යට බාධා ඇති කළේය. මෙවැනි වාර්තා­වක් කඩි­න­මින් එළි­දැ­ක්වීම සම­ඟින් විප­තෙන් ගොඩ ඒමට අනු­ග­ම­නය කරන වැඩ­ස­ට­හ­න්ව­ලදී වඩාත් ප්‍රයෝ­ජ­න­වත් වන අතර, ලෝක බැංකුවේ තක්සේ­රුව වේග­වත්, දුරස්ථ, ආදර්ශ පාදක GRADE ක්‍රම­වේ­දය භාවිත කර සකස් කොට ඇත.

කුණා­ටුව හේතු­වෙන් වැඩිම හානිය සිදුව ඇත්තේ මධ්‍යම පළා­තට වන අතර නුවර දිස්ත්‍රි­ක්ක­යට පම­ණක් සිදු ඇති හානිය අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 689 ක් බව එම වාර්තාවේ දැක්වේ. එය මෙරට මුද­ලින් රුපි­යල් කෝටි 21326 කි.

මාර්ග, පාලම්, දුම්රිය මාර්ග සහ ජල සැප­යුම් ජාල ඇතුළු යටි­තල පහ­සු­ක­ම්ව­ලට විශාල හානි­යක් සිදුව ඇති අතර එය ඇස්ත­මේ­න්තු­ගත ඩොලර් කෝටි 173.5ක් ලෙස සඳ­හන් වේ. එනම් මෙරට මුද­ලින් රුපි­යල් කෝටි 53702 කි.

එය භෞතික වත්ක­ම්ව­ලට ඍජු ආර්ථික හානිය ඇස්ත­මේන්තු කරයි. ආදා­ය­මට හෝ නිෂ්පා­ද­න­යට අදාළ පාඩු හෝ ප්‍රති­ච­ක්‍රී­ක­ර­ණය සඳහා වන සම්පූර්ණ පිරි­වැය වාර්තා­වට ඇතු­ළත් නොවේ. මාර්ග, පාලම්, දුම්රිය මාර්ග සහ ජල සැප­යුම් ජාල ඇතුළු යටි­තල පහ­සු­කම් විශා­ල­තම හානි­යට හේතු වන අතර එය ඇස්ත­මේ­න්තු­ගත ඩොලර් බිලි­යන 1.735 (මුළු හානි­ව­ලින් සිය­යට 42) ක් වන අතර එම­ඟින් සම්බ­න්ධ­තාව සහ වෙ‍ෙළ­ඳ­පොළ සහ සේවා­වන් වෙත ප්‍රවේ­ශය අඩාළ වේ යනු­වෙන්ද එම වාර්තාවේ දැක්වේ. එය කුණා­ටු­වෙන් සිදුව ඇති සෘජු හානි­යෙන් සිය­යට 42ක් බවද එම වාර්තාවේ දැක්වේ.

ගංව­තුර හා නාය­යෑ­ම්ව­ලින් මෙරට නේවා­සික ගොඩ­නැ­ගි­ලි­ව­ලට අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 985 ක එනම් රුපි­යල් කෝටි 30488ක අලා­භ­යක් සිදුව ඇත.

සුළි කුණා­ටු­වෙන් කෘෂි කර්මා­න්ත­යට සිදු වූ සෘජු හානිය අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 814 ක් වේ. එය ලංකා මුද­ලින් රුපි­යල් කෝටි 25195කි. එසේම නේවා­සික නොවන ගොඩ­නැ­ගි­ලි­ව­ලට අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 562 ක් හානි වී ඇත. එය කෝටි 17395ක අලා­භ­යකි.

නිවා­ස­ව­ලට ඇති පුළුල් බල­පෑම්, ගොඩ­නැ­ඟිලි ස්ථාන, ගංව­තුර පාලන ව්‍යූහ­යන් සහ අධික සුළං සහ ගංව­තු­රට ඔරොත්තු දෙන සැල­සුම් සලකා බැලීමේ අව­ශ්‍ය­තාව ලෝක බැංකු වාර්තා­වෙන් ඉස්මතු කරයි.

සුළි කුණා­ටු­වෙන් පසු වහාම, ලෝක බැංකු සමූ­හය විසින් දැඩි ලෙස පීඩා­වට පත් වූ ප්‍රදේ­ශ­වල යථා තත්ත්ව­යට පත් කිරී­මට සහ අත්‍ය­වශ්‍ය සේවා සහ යටි­තල පහ­සු­කම් – සෞඛ්‍ය සේවා, ජලය, අධ්‍යා­ප­නය, කෘෂි කර්මා­න්තය සහ සම්බ­න්ධ­තාව ඇතු­ළුව යථා තත්ත්ව­යට පත් කිරී­මට සහාය වීම සඳහා අඛණ්ඩ ව්‍යාපෘ­ති­ව­ලින් ඩොලර් මිලි­යන 120ක් දක්වා බල­මුළු ගන්වා ඇතැ­යිද එහි දැක්වේ.

ජය­සිරි මුණ­සිංහ