උත්සව සමය වෙනුවෙන් අද (24) සිට 27 වැනිදා දක්වා විශේෂ අමතර බස් රථ සේවා ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති සජීව නන්දන කනකරත්න පවසනවා.
දුම්රිය පහසුකම් අඩාල වීම, මගීන්ගේ ඉල්ලීම් ආදිය සලකා බලා මෙලෙස විශේෂ බස් රථ යොදවා ඇති බවයි මාධ්‍ය හමුවකට එක් වෙමින් සභාපතිවරයා සඳහන් කළේ.
පවතින කාලසටහන්වලට අමතරව බස් 107 ක් අද දිනයේ කොළඹින් විවිධ ප්‍රදේශවලට පිටත්ව යාමට නියමිත බව ද, 25 වැනිදා අමතර බස් රථ 75 ක්, 26 වැනිදා අමතර බස් රථ 60 ක් හා 27 වැනිදා අමතර බස් රථ 52 ක ප්‍රමාණයක් යොදවන බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.








