අම්බලන්ගොඩ කළමනාකරු ඝාතනයට ආධාර අනුබල දුන් අයෙක් කොල්ලුපිටියේදී දැලේ

අම්බලන්ගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරික ආයතනයක කළමනාකරුවෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බවට චෝදනා ලැබූ සැකකරුවෙකු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ කොල්ලුපිටිය ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවයි.