‘දිට්වා’ සුළි කුණාටුවත් සමඟ හදිසියේ පැන නැඟුණු අභියෝගවලට මුහුණ දීමෙන් අනතුරුව, ශ්‍රී ලංකාව මීළඟ අදියර කෙරෙහි අවධානය යොමු කරන අතර, විශ්වාසවන්ත පාර්ශ්වකරුවෙකු සහ විශ්වාසදායක මිතුරෙකු ලෙස ඉන්දියාව ඊට හැකි සෑම සහයෝගයක්ම ලබාදෙන බවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසනවා.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් එරට විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මාර්ගයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත එවා තිබූ විශේෂ ලිපියක් මඟින් මේ බව දැනුම් දී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.
ශ්‍රී ලංකාවේ ජන ජීවිත යළි ගොඩනැගීමේදී සහ ඔරොත්තු දීමේ හැකියාව තහවුරු කිරීමේදී අතීතයේ මෙන්ම, අප සමඟ උරෙන් උර ගැටී සිටින බව ද, මෙම තත්ත්වය තුළ, ඉන්දියාව විසින් පුළුල් ආධාර පැකේජයක් (comprehensive assistance package) ලබා දෙන බව ද එම ලිපිය මඟින් සඳහන් කර තිබෙනවා.
අදාළ නිවේදනය පහතින්.









