2025 වසර සඳහා රජය විසින් ලබා දුන් රුපියල් බිලියන 2,203 ක වාර්ෂික ආදායම් ඉලක්කය සපුරාලීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමත් වී තිබෙනවා.
ඒ අනුව, දෙසැම්බර් 19 වැනිදා එම ඉලක්කය පසුකර ගිය බවත්, දේශීය ආදායම් දෙපාර්තමේන්තු ඉතිහාසය තුළ වාර්තා කළ වැඩිම බදු ආදායම මෙය බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
මේ සඳහා ඍජු සහ වක්ර බදු ගෙවන්නන් දැක්වූ දායකත්වයට රජය සහ සිය දෙපාර්තමේන්තුව ස්තූතිවන්ත වන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා සිටිනවා.








