දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් වූවන්ට සහන සැලසීම උදෙසා රජය ආරම්භ කළ “Rebuilding Sri Lanka” අරමුදලට මේ වන විට රුපියල් බිලියන 4.2 ඉක්ම වූ මුදලක් ලැබී තිබෙන බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පැවසුවේය.
ඒ මහතා මේ බව පැවසුවේ “ Rebuilding Sri Lanka” අරමුදලේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍යයට පසුගියදා (19) විශේෂ ප්‍රකාශයක් කරමිනි.
දෙස් විදෙස් පරිත්‍යාගශීලීන් මෙම අරමුදලට මුදල් බැර කරන්නේ විපතට පත් ජනතාවට සහන සැලසීම මෙන්ම රට යථා තත්ත්වයට පත් කිරීමත් අරමුණු කර ගනිමින් බව ද ඒ මහතා මෙහිදී පැවැසීය.
එහි දී ඒ මහතා මෙසේද පැවැසීය.
අද වනවිට මේ අරමුදලට රුපියල් මිලියන 4263 ක මුදලක් ලැබී තිබෙනවා. ඊට අමතරව විදේශ මුදල්වලින් සෘජුව ලැබුණු තැන්පතු සමඟ එය රුපියල් මිලියන 4286ක ප්‍රමාණය ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව ලැබූ මුදල්වල වටිනාකම ඩොලර් මිලියන 13.8 ඉක්මවා ගොස් තිබෙනවා. ඒ වගේම විදේශ මුදල්වලින් පමණක් ලැබුණු මුදල ඩොලර් මිලියන 6 ඉක්මවා ගොස් තිබෙනවා.
Rebuilding Sri lanka වැඩසටහනට දේශීය ව්‍යාපාරිකයන්, පුරවැසියන්, ආයතන ඒ වගේම විදේශගතව සිටින ලාංකිකයන්, විදේශ ආයතන සහ රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ආධාර ලැබෙමින් පවතිනවා.
මීට අමතරව භාණ්ඩ හා සේවා ලෙස ලැබුණු ප්‍රදානයන්ද විශාලයි. ඒවා මේ මුදලට ගණනය කරලා නැහැ. ශ්‍රී ලංකාවට ලැබුණු භාණ්ඩ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව ඔස්සේ ඉදිරියේදී විස්තර ලබා ගැනීමට අපි සූදානම් වෙනවා.
ඒ වගේම අපි යටිතල පහසුකම් සංවර්ධනය කරලා මේ රට තිබුණට වඩා ඉහළ මට්ටමකට ගෙනයන වැඩපිළිවෙළට ඉතාම හොඳ දායකත්වයක් මේ අයගෙන් ලැබෙනවා.
මීට අමතරව ජාත්‍යන්තර ආයතන, ලෝක බැංකුව, IMF ආයතනය, ආසියානු සංවර්ධන බැංකුව වැනි ආයතන රැසක් මෙරටට උදවු උපකාර කරනවා. මේ වන විටත් මුදල් අමාත්‍යාංශය සමඟ ගනුදෙනු කරමින් ඔවුන් ඒ සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටිනවා.
රටවල් 43කින් මේ වනවිට අපේ රටට ප්‍රදානයන් සිදු කර තිබෙනවා.
ඒ ප්‍රදානයන් මුදල් අමාත්‍යාංශය මඟින් ප්‍රකාශයට පත් කර ඇති රජයේ ගිණුම්වලට ලැබී තිබෙනවා. මෙරටට ඉහළම ප්‍රදානයන් කරලා තිබෙන්නේ උතුරු අමෙරිකාවයි.
ඔස්ට්‍රේලියාව, චීනය, එංගලන්තය, ජර්මනිය, භූතානය, ඉතාලිය, කැනඩාව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, නවසීලන්තය, මාලදිවයින, සෞදි අරාබිය, ප්‍රංසය, කොරියාව අපට විශාල වශයෙන් ආධාර කර තිබෙනවා. අපට මේ අවස්ථාවේ උදවු උපකාර, ආධාර හා ප්‍රදානයන් ලබා දෙන සියලු රටවලට ස්තුතිය පළ කරනවා යැයිද හෙතෙම වැඩිදුරටත් කීවේය.
යශෝධා ජයරත්න, ශිමාෂා වීරක්කොඩි








