චීන දූත පිරිස දිවයිනට

චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රබලයින් ඇතුළු 11 දෙනෙකුගෙන් සමන්විත චීන දූත පිරිසක් අද (23) උදෑසන ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

අද පෙ.ව 9.45ට පමණ ශ්‍රීලන්කන් ගුවන්සේවයට අයත් ගුවන්යානයකින් මොවුන් දිවයිනට ආ බව “අද දෙරණ” වාර්තාකරු පැවසීය.

ඔවුන් පිළිගැනීම සඳහා මෙරට චීන තානපතිවරයා සහ වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටි බව වාර්තා වෙයි.