ශ්‍රී ලංකාවේ ආර්ථි­ක­යට ඉහ­ළම දාය­ක­ත්වය බස්නා­හිර පළා­තෙන්

අඛ­ණ්ඩව වසර ගණ­නා­වක් තිස්සේ පව­ත්වා­ගෙන ආ පරි­දිම වසර 2024දී අප රටේ ජාතික ආර්ථික දියු­ණු­වට ඉහ­ළම දාය­ක­ත්වය ලබා­දුන් පළාත ලෙස බස්නා­හිර පළාත පත්වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.ඒ අනුව වසර 2024 සමස්ත ආර්ථික දියු­ණු­වට බස්නා­හිර පළා­තෙන් ලබා දී ඇති දාය­ක­ත්වය සිය­යට 42.4ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.

වසර 2024දී ජාතික ආර්ථික දියු­ණු­වට අනු­පි­ළි­වෙ­ළින් වයඹ (සිය­යට 11.5) සහ මධ්‍යම (සිය­යට 10.7) පළාත් විසින් දෙවෙනි සහ තෙවෙනි ලෙසට දාය­ක­ත්වය ලබා දී ඇත.

කෙසේ නමුත් වසර 2023ට සාපේ­ක්ෂව අනෙ­කුත් සෑම පළා­තක්ම ජාතික ආර්ථි­ක­ත්ව­යට වසර 2024 දී ලබා­දෙන දාය­ක­ත්වය ඉහළ නංවා­ගෙන ඇත. එය පිළි­බඳ අද­හස් දක්වන ශ්‍රී ලංකා මහ බැංකුව මෙසේද කියා සිටී.

වසර 2024 දී ශ්‍රී ලංකාවේ නාමික දළ දේශීය නිෂ්පා­දි­තය රුපි­යල් බිලි­යන 29899කි. එය වසර 2023දී වාර්තා වී තිබෙ­නුයේ රුපි­යල් බිලි­යන 27419කි. ඒ අනුව වසර 2023ට වඩා වසර 2024දී රුපි­යල් බිලි­යන 2480කින් දළ දේශීය නිෂ්පා­දි­තය වැඩිවී ඇත‍.

බස්නා­හිර පළාතේ මෙම ඉහළ දාය­ක­ත්වය විශේ­ෂ­යෙන්ම සේවා සහ කර්මාන්ත අංශ තුළ කැපී පෙනුණි. මේ අතර, සමස්ත ද.දේ.නි. සඳහා දෙවන සහ තෙවන ඉහ­ළම දාය­කත්ව අනු­පි­ළි­වෙ­ළින් වයඹ (සිය­යට 11.5) සහ මධ්‍යම (සිය­යට 10.7) පළාත් විසින් ලබා දී ඇත.

මධ්‍යම, නැ‍ඟෙන­හිර, වයඹ, සබ­ර­ග­මුව සහ ඌව යන පළා­ත්ව­ලින් නාමික දළ දේශීය නිෂ්පා­දි­ත­යට ලබා­දුන් දාය­ක­ත්වය (2023) ට සාපේ­ක්ෂව 2024 දී ඉහළ ගියේය. ආර්ථික කට­යුතු සඳහා පළාත් මඟින් දාය­ක­ත්වය කෘෂි­කා­ර්මික කට­යුතු සඳහා වන ඉහ­ළම දාය­ක­ත්වය මෙම වසරේ දී ද වයඹ පළාත (සිය­යට 20.0) මඟින් ලබා දී ඇති අතර, මධ්‍යම (සිය­යට 13.9) සහ දකුණු (සිය­යට 11.8) පළාත් පිළි­වෙ­ළින් දෙවන සහ තෙවන ඉහ­ළම දාය­කත්ව ලබා දී ඇත.

වසර 2024 දී කර්මාන්ත ක්‍රියා­කා­ර­කම් සඳහා ප්‍රමුඛ දාය­ක­ත්වය තව­දු­ර­ටත් තහ­වුරු කළ බස්නා­හිර පළාත සමස්ත කර්මාන්ත නිමැ­වු­මෙන් සිය­යට 47.6ක ප්‍රමා­ණ­යක් සඳහා දායක විය. එසේම, වයඹ (සිය­යට 12.0) සහ මධ්‍යම (සිය­යට 9.6) පළාත් සමස්ත කර්මාන්ත ක්‍රියා­කා­ර­කම් සඳහා ඊළඟ ඉහ­ළම දාය­කත්ව වාර්තා කර ඇත.

සේවා අංශයේ ක්‍රියා­කා­රි­ත්වය සල­කන විට, බස්නා­හිර පළාත සිය ප්‍රමු­ඛ­තාව 2024 වසරේ දී ද පවත්වා ගනි­මින් සිය­යට 44.5ක දාය­ක­ත්ව­යක් වාර්තා කර ඇති අතර, මධ්‍යම පළාත සිය­යට 10.7ක සහ වයඹ පළාත සිය­යට 10.1ක මීළඟ ඉහළ දාය­කත්ව පිළි­වෙ­ළින් වාර්තා කර ඇතැයි මහ බැංකුව කියයි.

ජය­සිරි මුණ­සිංහ