කොන්දේසි සපුරන්නේ නම් යුද්ධය අවසන් කිරීමට රුසියාව සූදානම් – පුටින්

රුසියාවේ මධ්‍ය හා දිගු කාලීන ආරක්ෂක කොන්දේසි සපුරන්නේ නම් සහයෝගීතාවයෙන් යුතුව යුක්‍රේන යුද ගැටුම අවසන් කිරීමට තමන් සූදානම් බව රුසියානු ජනපති ව්ලැද්මීර් පුටින් පවසනවා.

රුසියානු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ දෙස් – විදෙස් මාධ්‍යවේදීන් සමඟ රුසියානු ජනපතිවරයා වාර්ෂිකව පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවේදීයී.

රුසියානු ජනපති ව්ලැද්මිර් පුටින් වාර්ෂිකව දෙස් – විදෙස් මාධ්‍යවේදීන් සමඟ පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාව මෙවරත් මොස්කව් හිදී පැවැත්වුණා.

එහිදී රුසියානු ජනපතිවරයා පැවසුවේ සිය ආරක්ෂක කොන්දේසි සපුරන්නේ නම් යුක්‍රේන යුද ගැටුම අවසන් කිරීමට සූදානම් බවයි.

රුසියානු ජනපතිවරයා පැවසුවේ “රුසියාව සතුරෙකු හෝ ඉලක්කයක් බවට කිසිදු ලියවිල්ලක නම් කර නැහැ. නමුත් නේටෝ මහ ලේකම්වරයා අප සමඟ යුද්ධයක් වෙනුවෙන් සූදානම් වනවා. මේ මොකක්ද? ඔබට කියවන්න බැරිද? නේටෝ ප්‍රධාන රට අපිව සතුරෙකු ලෙස නොසලකන විට, ඔබ රුසියාව සමඟ යුද්ධයකට පිවිසීමට නේටෝව ඉලක්ක කරන්නේ ඇයි? අපි ඔබ සමඟ සටන් කරන්නේ නැහැ. යුක්‍රේන සොල්දාදුවන් යොදාගනිමින් ඔබයි අප සමඟ යුද්ධ කරන්නේ. රුසියාවේ මධ්‍ය හා දිගු කාලීන ආරක්ෂක කොන්දේසි සපුරන්නේ අපි මේ යුද ගැටුම අවසන් කිරීමට සූදානම්, ඒ වගේම අපි සූදානම් ඔබ සමඟ එක්ව කටයුතු කරන්නත්” යනුවෙන්