වගා හානි වන්දි කෝටි 153.5ක් ගොවි ගිණු­ම්ව­ලට

දිට්වා සුළි කුණා­ටුව නිසා ඇති වූ ආපදා තත්ත්වය හේතු­වෙන් අප­විත්‍ර වූ නිවාස පිරි­සුදු කර ගැනීම සඳහා රජ­යෙන් ලබා දෙන රුපි­යල් 25,000 සහ ගෘහ උප­ක­රණ මිල දී ගැනී­මට දෙන රුපි­යල් 50,000ක දීම­නාව මෙම 31 දිනට පෙර ලබා දීමට කට­යුතු කරන ලෙස ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා අදාළ පාර්ශ්ව­යන්ට උප­දෙස් ලබා දුන්නේය.

ජනා­ධි­ප­ති­ව­රයා එම උප­දෙස් ලබා දුන්නේ ‘Rebuilding Sri Lanka’ යටතේ ජන ජීවි­තය නැවත ගොඩ­නැ‍ඟීම සඳහා දිස්ත්‍රික් මට්ට­මින් සැල­සුම් කෙරෙන වැඩ­පි­ළි­වෙළ සහ එහිදී මතුව ඇති ගැටලු පිළි­බඳ සොයා බැලීමේ විශේෂ සාක­ච්ඡා­ව­කට පෙරේදා (30) එක්වෙ­මිනි.

එමෙන්ම අධි අව­දා­නම් සහිත ප්‍රදේ­ශ­වල ජන­තාව කඩි­න­මින් එම ස්ථාන­ව­ලින් ඉවත් කර සුර­ක්ෂිත ස්ථාන­වල පදිංචි කිරීමේ අව­ශ්‍ය­තාව, පාසල් දරු­වන් වෙනු­වෙන් රජ­යෙන් ලබා දෙන රුපි­යල් 15,000ක දීම­නාව කඩි­න­මින් ලබාදී අව­සන් කිරීමේ වැඩ­ස­ට­හන්හි ප්‍රග­ති­යද මෙහිදී සාක­ච්ඡා­වට ලක්විය.

එහි දී නිවාස සහ වගා හානි සඳහා වන්දි ගෙවීම්, දිව­යින පුරා පව­ත්වා­ගෙන යන සුර­ක්ෂිත මධ්‍ය­ස්ථා­න­වල කට­යුතු, ජන­තාව නැවත පදිංචි කිරීම, ජීව­නෝ­පා­ය­මාර්ග යළි ගොඩ­නැ‍ඟීම සහ යටි­තල පහ­සු­කම් සංව­ර්ධ­නය සඳහා දිස්ත්‍රික් මට්ට­මින් ක්‍රියා­ත්මක වැඩ­පි­ළි­වෙළ සහ එහි ප්‍රග­තිය පිළි­බඳ සවි­ස්ත­රා­ත්ම­කව විමසා බලන ලදී.

වන්දි ලබා දීමේ ක්‍රියා­දා­ම­යේදී මතුව ඇති ගැටලු පිළි­බඳ විශේෂ අව­ධා­න­යක් යොමු කෙරුණු අතර, එම කට­යුතු කාර්ය­ක්ෂම කිරීම සහ කිසි­වෙක් අත්නො­හැ­රෙන පරිදි වන්දි හිමි විය යුතු සිය­ලු­දෙ­නා­ටම එම ප්‍රති­ලා­භය ලබා දීමේ අව­ශ්‍ය­තාව ජනා­ධි­ප­ති­ව­රයා එහිදී අව­ධා­ර­ණය කළේය.

එමෙන්ම හානි වූ සත්ත්ව ගොවි­පොළ සඳහා වන්දි ලබා දෙමින් එම ජන­තා­වගේ ජීව­නෝ­පා­ය­මාර්ග යළි ආරම්භ කිරීම, ආප­දා­වෙන් හානි වූ කුඩා වෙළෙඳ ව්‍යාපාර යළි ආරම්භ කිරී­මට සහාය වීම, ධීවර කර්මා­න්තය යථා­වත් කිරීම සහ පාසල් දරු­වන් වෙනු­වෙන් රජ­යෙන් ලබා දෙන රුපි­යල් 15,000ක දීම­නාව කඩි­න­මින් ලබාදී අව­සන් කිරීමේ වැඩ­ස­ට­හන්හි ප්‍රග­ති­යද සාකච්ඡා කෙරිණි.

විනාශ වූ ගුවන් ගමන් බල­පත්‍ර සහ හැඳු­නු­ම්පත් නැවත ලබා දීම වෙනු­වෙන් ක්‍රියා­ත්මක වැඩ­පි­ළි­වෙළ පිළි­බඳ ද ජනා­ධි­ප­ති­ව­රයා මෙහි දී විමසා සිටි­යේය.

මහ­ජන ආර­ක්ෂක සහ පාර්ලි­මේන්තු කට­යුතු ඇමැති ආනන්ද විජේ­පාල, රාජ්‍ය පරි­පා­ලන පළාත් සභා සහ පළාත් පාලන ඇමැති චන්දන අබේ­රත්න, ජනා­ධි­පති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමා­නා­යක, ආර­ක්ෂක අමා­ත්‍යාං­ශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රා­මික)සම්පත් තුයි­ය­කොන්තා, ඇතුළු පිරි­සක් මෙම අව­ස්ථා­වට එක්ව සිටි­යහ.

උපාලි කරු­ණා­රත්න