ඇල්ල ප්‍රදේශයට මගීන් රැගෙන ගිය කුලී රථ රියදුරන්ට තර්ජනය කළ පොලිස් නිලධාරීන් දෙදෙනා ස්ථාන මාරු කෙරේ

ඇල්ල සංචාරක කලාපයට පැමිණෙන PickMe, Uber කුලී රථ රියදුරන්ට තර්ජනය කිරීම සහ පහරදීම පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලීසිය පවසනවා.

ඒ අනුව, කුලී රථ සේවාවල රියදුරන් ඇල්ල සංචාරක කලාපයට ඇතුළු වන විට, එම ප්‍රදේශයේ කුලී රථ රියදුරන් විසින් තර්ජනය කර පහරදුන් බවට පැමිණිලි ලැබී ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ.

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ, දෙසැම්බර් 19 වැනි දින සිදුවූ පොලිස් නිලධාරින් දෙදෙනාගේ හැසිරීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබුණු බවද, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ උපදෙස් යටතේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා, එම පොලිස් නිලධාරීන් දෙදෙනා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර යවා ඇති බව ද, මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කෙරෙමින් පවතින බවද පොලීසිය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

අදාළ නි‍වේදනය පහතින්.

 news images