ප්‍රධාන වැව් 73 න් ජලාශ 36 ක් තවදුරටත් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
එසේම මධ්‍යම ප්‍රමාණයේ වැව් 52 කට ආසන්න ප්‍රමාණයක් ද වාන් දමමින් පවතින බවත්, මෙම වාන් දැමීම මඟින් ගංවතුර තත්ත්වයක් හෝ එවැනි තත්ත්වයකට ජලය නිදහස් වීමක් සිදු නොවන බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, ජල විද්‍යා හා ආපදා කළමනාකරණ ඉංජිනේරු එල්.එස්. සූරියබණ්ඩාර සඳහන් කළේ.
ඉදිරි මෝසම් වැසි තත්ත්වයන් අනුව ගංගාවල ජල මට්ටම් වෙනස් වීම් සිදු විය හැකි බැවින් ජනතාව මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.








