වැඩි මිලකට සහල් අලෙවි කළ සුපිරි වෙළඳසැල් හිමිකරුවෙකුට ලක්ෂයක දඩයක්

උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලකට ආනයනික කිරී සම්බා සහල් අලෙවි කිරීම සම්බන්ධයෙන් අධිකරණයේ දී වරද පිළිගත් සුපිරි වෙළෙඳසැල් හිමිකරුවෙකුට රුපියල් ලක්ෂයක දඩ මුදලක් ගෙවීමට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග කළා.

මෙසේ දඩ මුදලක් නියම කරනු ලැබුවේ සුපිරි වෙළෙඳසැල් හිමිකරුවෙකුට ය.

ආනයනික කිරී සම්බා කිලෝ එකක පාලන මිල රුපියල් 255 ක්ව තිබියදි එම ව්‍යාපාරිකයා විසින් සිය වෙළෙඳසැලේ එම සහල් කිලෝ එකක මිල රුපියල් 260 බැගින් අලෙවි කර තිබෙන බවට අධිකරණයේදී අනාවරණය වුණා.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයේ ප්‍රධානි උදය නාමල්ගමගේ උපදෙස් අනුව එහි විමර්ශන කටයුතු කර සැකකරු අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.