හින්දු ජාතිකයෙකු අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් 07 දෙනෙකු බංග්ලාදේශ ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඉස්ලාම් ආගම සම්බන්ධයෙන් අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකර ඇති බව පවසමින් ඇඟලුම්කම්හල් සේවකයෙකු වන 27 හැවිරිදි අදාල පුද්ගලයා පිරිසක් විසින් පහරදී ඝාතනය කර ඔහුගේ සිරුරට ගිනි තබා තිබුණි.
අදාල සිද්ධිය දැඩිව හෙළා දකිමින් බංග්ලාදේශ ආගමික කවුන්සිලය ප්‍රකාශ කර තිබුණේ මෙය වාර්ගික සහජීවනයට තර්ජනයක් බවයි.
බංලාදේශය තුළ එවැනි ක්‍රියාවලට ඉඩක් නොමැති බව පවසමින් එම සිද්ධිය බංග්ලාදේශ රජය ද තරයේ හෙළා දැක තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ෂණ ආරම්භ කළ එරට පොලීසිය වයස අවුරුදු 19ත් – 46ත් අතර පුද්ගලයින් 07 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.








