ගං වතුර හේතුවෙන් පොලොන්නරුව – මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ගල්ලෑල්ල සිට මනම්පිටිය දක්වා ගමනාගමනයට බාධා

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පොලොන්නරුව – මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.

ඒ අනුව, එම මාර්ගයේ ගල්ලෑල්ල සිට මනම්පිටිය දක්වා වූ කොටසේ මාර්ගය හරහා ජලය ගලායාම හේතුවෙන්, ආරක්ෂිත පියවරක් ලෙස ඊයේ (19) රාත්‍රී කාලයේදී ත්‍රීරෝද රථ සහ යතුරුපැදි ධාවනය සීමා කිරීමට පොලොන්නරුව පොලිසිය පියවර ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

මාර්ගය හරහා ජලය ගලා යාම නිසා කුඩා වාහන ධාවනය අවදානම් සහගත බැවින් මෙම තීරණය ගත් බවයි පොලොන්නරුව පොලිසිය පවසන්නේ.