දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ විනාශය හමුවේ මතුව ඇති අභියෝගවලට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීමකට අනුව, ඇමරිකානු ඩොලර් මිලියන 206 ක කඩිනම් මූල්‍ය පහසුකමක් මෙරටට ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ඊයේ (19) එකඟතාව පළ කර තිබෙනවා.
රජය විසින් මීට පෙර අමෙරිකානු ඩොලර් මිලියන 200 ක සහනයක් ඉල්ලා තිබුණු අතර, ඊයේ (19) රැස් වූ IMF විධායක මණ්ඩලය විසින් ඩොලර් මිලියන 206 ක මුදලක් අනුමත කර ඇති බවයි සඳහන් වන්නේ.
දැනට ක්‍රියාත්මක වන විස්තීර්ණ අරමුදල් ණය පහසුකමට අමතරව මෙම හදිසි මූල්‍ය සහාය මෙරටට හිමි වීමට නියමිතයි.








