පහතරට එළවලු මිල තවත් ඉහළට

ඇතැම් ප්‍රදේශවල පහතරට එළවලු මිලේ සීඝ්‍ර වැඩිවීමක් දක්නට ලැබෙන බව වෙළදපොළ දත්ත පෙන්වා දෙනවා.

ඊයේ නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ වම්බටු කිලෝවක සිල්ලර මිල රුපියල් 800ට ආසන්න වී තීබූ අතර, බොහෝ ප්‍රදේශවල තොග මිලද රුපියල් 500 මට්ටමේ පැවතුණා.

පතෝල මිලද රුපියල් 600 ඉක්මවා සටහන් වූ බවයි මහ බැංකුවේ දෛනික මිල වාර්තාවේ දැක්වූණා.

අමු මිරිස් රුපියල් දහස ඉක්මවා තිබුණා.

තක්කාලී මිල ගණන්ද රුපියල් 500 ත් 600 ත් අතර, සටහන් වූ බවයි එම දත්ත පෙන්වා දෙන්නේ.