මෑත ඉතිහාසයේ ඉදිරිපත් කරන විශාලතම පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත්, රුපියල් බිලියන 500 ක පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර ඇත්තේ ජන ජීවිතය යළි ගොඩනැගීමට බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අඩාල වූ ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීමට සහ විනාශ වූ යටිතල පහසුකම් නැවත ගොඩනැඟීම වෙනුවෙන් ඉදිරිපත් කළ රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුව සම්මත කරගැනීම සඳහා ඊයේ (19) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට සහභාගි වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කර සිටියා.
ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදි සිදු කළ කතාවේ වැදගත් කරුණු කිහිපයක් පහතින්.
* ආපදාවට පත්වූ පාසල් සිසුන්ට ජනාධිපති අරමුදලෙන් රුපියල් 10,000 ක් සහ මහා භාණ්ඩාගාරයෙන් රුපියල් 15,000 ක් ලබා දෙනවා. අලුත් පාසල් වාරය ආරම්භ කිරීමට පෙර පාසල් සිසුන්ට මේ දීමනාව ලබාදීමට උත්සහ කරනවා.
* දෙමුහුන් ගවයෙක් නැති වුවහොත් ලක්ෂ දෙකක ආධාරයක් ලබා දෙනවා. උපරීම ගවයන් 10 ක් දක්වා රුපියල් ලක්ෂ 20 ක ආධාරයක් ලබා දෙනවා. දෙමුහුන් නොවන දේශීය ගවයෙක් වෙනුවෙන් රුපියල් 50,000 බැගින් ආධාර ලබා දෙනවා. උපරීම ගවයන් 20 ක් දක්වා රුපියල් ලක්ෂ 10 ක ආධාරයක් ලබා දෙනවා.
* පූර්ණ වශයෙන් හානි වූ නිවාස ගත් විට, කුරුණෑගල වැනි ප්‍රදේශවල පදිංචි වීමට සුදුසු ඉඩම් තිබෙන අයට රුපියල් ලක්ෂ 50 ක් ලබා දෙනවා. නිවාස ඉදි කරදීමට රජයේ ඉඩම් අත්පත් කර ගන්නා ලෙසට දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
* නාය යෑමට භාජනය වු කලාපවල පවුල් 17,648 කටම රුපියල් ලක්ෂ 50 ක දීමනාව ලබා දෙනවා. මේ සියල්ලම අවදානම් කලාපවලින් ඉවතට ගන්නවා. 2027 වන විට අධි අවදානම් කලාපවල කිසිදු පවුලකට ජීවත් වීමට නොහැකි වන පරිදි නීති සම්පාදනය කරනවා.
* කාණ්ඩ 03 ක් අනුව රුපියල් 25,000ක නිවාස කුලියක් ලබා දෙනවා. ඥාති ගෙදරක සිටියත් මෙම 25,000 දීමනවා ලබා දෙනවා.
* හානියට පත් නිවාස 17,648 ට ජනවාරි මාසයේ සිට රුපියල් 50,000 ක දීමනාවක් මාස 03ක් දක්වා ලබා දෙනවා.
* වී, බඩඉරිගු, රටකජු සහ ධාන්‍ය වර්ග වගා කර තිබෙනවා නම් හෙක්ටයාරයකට 150,000ක දීමනාවක් ලබාදෙනවා. මිරිස්, ලූනු, ගස්ලබු සහ කෙසෙල් වගා කළ අය ‘එළවලු’ කාණ්ඩයට ඇතුළත් කර, හෙක්ටයාරයකට රුපියල් ලක්ෂ 02 ක් ලබාදෙනවා. ගම්මිරිස් පැළයකට රුපියල් 250 බැගින් ලබාදෙනවා.
* ක්ෂුද්‍ර ව්‍යාපාර සහ සුළු ව්‍යාපාර 9600 කට රුපියල් ලක්ෂ 02 ක බැගින් ලබාදීමට තීන්දු කර තිබෙනවා. අර්ධ හානියට පත් ව්‍යාපාරික ස්ථානයකට ආරම්භයක් වශයෙන් රුපියල් ලක්ෂ 05 ක් ලබා දෙනවා. එය ප්‍රමාණවත් නොවන්නේ නම්, තක්සේරු කර උපරිම ලක්ෂ 50 ක් දක්වා ලබා දෙනවා.
* කුඩා පරිමාණ ව්‍යාපාරිකයන්ට ලක්ෂ දෙක හමාරේ සිට ලක්ෂ 10 ක් දක්වාත්, මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට උපරිම ලක්ෂ 250 ක් දක්වාත් ණය ලබා දෙනවා. ණය ලබා දීමේදී ආණ්ඩුව විසින් පොළියක් අය කරගන්නේ නැහැ.
ජනාධිපතිවරයා මෙහිදී සිදුකළ සම්පූර්ණ කථාව පහතින්.









