පහරදීමක් සම්බන්ධයෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට ගොස් එම පුද්ගලයාට පොල්ලකින් කළ පහරදීමක් සම්බන්ධයෙන් කුලියාපිටිය පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
කුලියාපිටිය අපරාධ අංශයේ ස්ථානාධිපති ධුරයෙන් ද ඔහු ඉවත් කර සාමාන්‍ය රාජකාරි සඳහා මාවතගම පොලීසියට ස්ථාන මාරු කර තිබේ.
මේ පහරදීම කිසියම් අයෙක් විසින් ජංගම දුරකතනයකින් වීඩියෝගත කර සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබී ඇත. සිවිල් ඇඳුමින් පොලිස් කණ්ඩායමත් සමඟ ගොස් කළ මේ පහරදීම දැක්වෙන වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙමින් පවතින විට ඒ ගැන වයඹ පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතාගේ අවධානයට යොමුව ඇත. පහරදීම සිදුකරනු ලැබූවේ කුලියාපිටිය පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති බවට හඳුනා ගැනීමෙන් අනතුරුව ඒ පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇත්තේ සහකාර පොලිස් අධිකාරිවරයකු යොදවමිනි. එම විමර්ශන වාර්තාව පදනම් කරගනිමින් නිලධාරියාට ස්ථාන මාරුවීම ලබාදී තිබේ. ඔහු සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ඉදිරියේ ගන්නා බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.








